මෙවර අයවැයේ දී ප්‍රතිලාභ හිමිවූ සහ හිමි නොවූ අංශ ගැන තොරතුරු මෙන්න

Budget_02.jpg

The 2025 federal budget has been handed down. Source: SBS News

ඕස්ට්‍රේලියාවේ මීළඟ මූල්‍ය වර්ෂය සඳහා වන ලේබර් රජයේ අය වැය මාර්තු 25 අඟහරුවාදා දිනයේදී භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මෙහිදී ජනතාවට බදු ප්‍රතිලාභ මෙන්ම ජීවන වියදම් අර්බුධය සඳහාද විසඳුම් ලෙස ඇතැම් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ උවත් ඇතැම් ක්ෂේශ්ත්‍ර සඳහා බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිලාබ වෙන්කිරීමට යෝජනා වී නොමැති බවද දක්නට ලැබුනා. මෙවර අයවැයේදී ප්‍රතිලාභ ලබන සහ ප්‍රතිලාභනොලැබී යන ක්ෂේශ්ත්‍ර පිළිබඳව තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.


මීළඟ මූල්‍ය වර්ෂය සඳහා ලේබර් රජය යෝජනා කර සිටින අයවැය හරහා ඩොලර් බිලියන 42ක අයවැය හිඟයක් ඇතිවනු ඇති බව අපේක්ෂා කරනවා. මෙහිදී බදු ගෙවන ජනතාවට සහ පළමු නිවාස ගැනුම් කරුවන් ඇතුළු විවිධ ක්ෂේශ්ත්‍ර සඳහා සහන ලබාදීමට මෙම අයවැයෙන් යෝජනා කර සිටිනවා.

ප්‍රතිලාබ ලේබීමට යෝජනා කර ඇති ක්ෂේශ්ත්‍ර

බදු ප්‍රතිශතය අඩු කිරීමට යෝජනා වී තිබෙනවා
ජූලි 1දා සිට $18,201 සහ $45,000 අතර වාර්ෂික ආදායමක් උපයන අය සඳහා මින් පෙර පැවතිී 16%ක බදු ප්‍රතිශතය 15% දක්වා අඩු කිරීමට 2026 යෝජනා වී තිබෙනවා. ඉන් වසරකට පසුව එම අගය 14% දක්වා තවදුරටත් අඩුකිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා .

ඒ අනුව ඩොලර් 45,000 ට වඩා උපයන ඕනෑම අයෙකුට පළමු අවස්තාවේදී ඩොලර් 268 ක් සහ ඊළඟ වසරේ ඩොලර් 536 ක් ඉතිරි කර ගැනීමට හැකි වනවා. මේ හේතුවෙන් ඩොලර් බිලියන 17.1ක අදායමක් රජයට අහිමි වන බව ඇස්තමේන්තු කර තිබෙනවා.
පළමු නිවාස ගැනුම් කරුවන්
පළමු නිවාස ගැනුම් කරුවන්ට නිවසක් මිලදීගැනීම සඳහා රජයේ Help to Buy ක්‍රමවේදය හරහා වැඩි අවස්තාවක් උදාකර දී තිබෙනවා. මෙම ක්‍රමවේදය හරහා නිවසක් මිලදීගනීමෙදී රජය විසින් 40%ක ප්‍රතිශතයක් ලබාදෙන අතර ගැනුම් කරුවන්ට 2%ක අත්තිකාරම් මුදලක් පමණක් තිබීම ප්‍රමාණවත් වනවා. මෙම ක්‍රමවේදයට සුදුසුකම් ලැබීම සඳහා පැවති අදායම් මට්ටම් පිලිබඳ අවශ්‍යතාවය ඉහල දමා තිබෙනවා. ඒ අනුව තනි පුද්ගල ආදායම් අවශ්‍යතාවය $90000 සිට $100000 දක්වා ඉහල දැමීමටද යුවලක් සඳහා එම අවශ්‍යතාවය $120000 සිට $160000 දක්වා ඉහල දැමීමටද කටයුතු කර තිබෙනවා. මේ සඳහා අමතර ඩොලර් මිලියන 800ක් රජයට වැයවන බව වාර්තා වනවා.
කාන්තා සෞඛ්‍ය
කාන්තා සෞඛ්‍ය සඳහා ඩොලර් මිලියන 240ක් අයවැයෙන් වෙන්කිරීමට කටයුතු කර තිබෙනවා. එන්ඩොමෙට්‍රියෝසිස් සහ ආර්තවහරණය වැනි තත්ව වලට මුහුණ දෙන කාන්තාවන්ට ඒ සඳහා විශේෂිත වෛද්‍ය මද්යස්ඨාන 33ක් හරහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතිනවා. කාන්තා සෞඛ්‍ය සඳහා අත්‍යවශ්‍ය ඖෂද වර්ග කිහිපයක් ඕස්ට්‍රේලියාවේ PBS ඖෂද ප්‍රතිලාබ ක්‍රමයට ඇතුලත් කිරීමට මින් පෙර කටයුතු කර තිබුනා. මේ සඳහා ඩොලර් මිලියන 573ක් වෙන් කෙරුනා. 
විදුලි බිල්පත් සහනයක්
නිවාස සහ කුඩා ව්‍යාපාර සඳහා විදුලි බිල්පත් සහනයක් ලබාදීමට යෝජනා වී තිබෙනවා. මේ අනුව $150ක වට්ටමක් මාස 6ක කාලයක් තුල අවස්ථා දෙකකදී විදුලි බිල්පතට එකතුකිරීමක් සිදුකිරීමට යෝජනා වී තිබෙනවා. මේ සඳහා රජයට අමතර ඩොලර් බිලියන 1.8ක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
Aged care සේවකයින්ට වැටුප් වැඩිවීමක්
Aged care ක්ෂේශ්ත්‍රයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක්ද මෙහිදී යෝජනා වී තිබෙනවා. මේසඳහා වසර තුනක කාලයක් සඳහා ඩොලර් මිලියන 48.7ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයේ වෙන්කළ ඩොලර් මිලියන 291.6ක මුදලට මෙය එකතුවන අතර මේ හරහා Royal Commission වාර්තාවේ වූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා.
මීට අමතරව ප්‍රතිලාභ හිමිවූ තවත් අංශ කිහිපයක් පහත දැක්වේ
$175,000ක වාර්ෂික ආදායමක් උපයන අය සඳහා තම රැකියා ක්ෂේශ්ත්‍රයේම වෙනත් රැකියාවක් වෙත යොමුවීම හෝ ව්‍යාපාරක් සිදුකිරීමට එරෙහිව පනවන කොන්දේසි ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. මේ අනුව සේවකයින් එම ක්ෂේශ්ත්‍රයේම ඉහල වැටුප් ඇති රැකියාවක් වෙත යොමුවීම හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම හරහා ඵලදායී තාවය 4%කින් පමණ ඉහල යනු ඇති බවට අපේක්ෂා කරනවා.

අවන්හල් වලින් ලබාගන්නා බියර් සඳහා වන බදු වසර දෙකක කාලයක් පුරාවට ඉහල නොදැමීමට රජය යෝජනා කර සිටිනවා. මේ සඳහා ඉදිරි වසර 5 තුල ඩොලර් මිලියන 165ක් වය වනු ඇති බවට අපේක්ෂා කරනවා

සරණාගතන් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළඳපොළට ඇතුලත් කර ගැනීම සඳහා Economic Pathways to Refugee Integration වැඩ සටහන සඳහා ඩොලර් මිලියන 7.7ක් වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා.

සමාජ සංහිඳියාව වැඩි කිරීම සඳහා, යුදෙව් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම් , ප්‍රජා මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම් සහ ඒ ආශ්‍රිත ආරක්ෂක තත්වය වැඩිදියුණු කිරීම් ඇතුළු ක්‍රියාමාර්ග සඳහා රජය ඩොලර් මිලියන 178ක් වෙන් කර තිබෙනවා.

මෙවර අයවැයේ ප්‍රතිලාභ නොලැබී වාසිදායක තත්වයක් උදා නොවුණු අංශ.

බදු මුදල් ගෙවීම් පහර හැර ඇති පිරිස් වැටලීම සඳහා ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය වෙත ඩොලර් මිලියන 999ක් වෙන්කිරීමට කටයුතු කර තිබෙනවා. මේ හරහා ඩොලර් බිලියන 1.8ක අමතර බදු ආදායමක් රජයට ලැබෙනු ඇති බවට අපේක්ෂා කරනවා.

රුසියාවෙන් සහ බෙලරුස් රාජ්‍ය වලින් සිදුකරන ආනයන සඳහා පනවා ඇති සියයට 35 ක තීරුබදු දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. 2027 ඔක්තෝම්බර් 24 වනදා දක්වා මෙම බදු පැනවීම දීර්ග කිරීමට යෝජනා වී තිබෙනවා.

නීති විරෝධී දුම්කොළ වෙළඳාම අඩපන කිරීම සඳහා ඩොලර් මිලියන 156.7 ක් වෙන්කිරීමට යෝජනා වී තිබෙනවා.

රජයෙන් ලබාදෙන සුභසාධන දීමනා ඉහල දැමීමක් පිළිබඳව මෙවර අයවැයෙන් යෝජනා කිරීමක් සිදුවී නොමැති බව දක්නට ලැබෙනවා.


මෙවර අයවැයේ යෝජනාවී ඇති බදු සහන හරහා ඩොලර් බිලියන 17ක රාජ්‍ය ආදායම් අහිමිවීමක් අපේක්ෂා කරනවා. මීට අමතරව දුම්කොළ හරහා අහිමිවන වන බදු ආදායම ඩොලර් බිලියන 6.9ක් වනු ඇති බවට අනුමාන කරනවා. මේ අනුව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් ඉදිරිපත් කල අයවැය හරහා 2025-2026 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 42ක අයවැය හිඟයක් ඇතිවන බවට පුරෝකථනය කර තිබෙනවා.


සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කොට ඇත්තේ
පළවූ තොරතුරු මත පදනම්ව බව කරුණාවෙන් සලකන්න.


SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share

Recommended for you