ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ ජනවාරි 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී (Invitation Round) නිකුත් කළ සම්පූර්ණ ආරාධනා පත්‍ර ගණන 1200 ක් බව වාර්තා වේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
2018-19 මුල්‍ය වර්ෂයේ සිට සෑම මසකම 11 වන දින ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට හැකි 189 වීසා වලට අදාළ EOI සඳහා ආරාධනා පත්‍ර නිකුත් කරන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය ජුනි මාසයේදී පවසා තිබුණි.

Source: Department of Home Affairs
ජනවාරි 11 ආරාධනා පත්‍ර වටය
ජනවාරි 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී සමස්ත ආරාධනා පත්‍ර 1200 ක් නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ සංක්‍රමණික වෙබ් අඩවියක් වන iscah වෙබ් අඩවිය වාර්තා කරයි.
සාමන්‍ය ආරාධනා පත්‍ර වටයකදී ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවර එය 1200 කට පහළ බැසීම විශේෂත්වයකි.
පසුගිය දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක වූ ආරාධනා පත්‍ර වටයේ දී ද නිකුත් කළ මුළු ආරාධනා පත්‍ර සංඛ්‍යාව 800 ක් බව සඳහන්.
ඒ අනුව ජනවාරි 11 ට යෙදුනු වටයේදී Pro Rata Occupations හෙවත් Pro Rata ඛාණ්ඩයේ වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර 500 ක්ද Non Pro Rata Occupations හෙවත් Non Pro Rata ඛාණ්ඩයේ වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර 700 ක්ද නිකුත් කර ඇති බව ඔවුන් පවසයි.
ඒ අනුව පසුගිය ආරාධනා පත්‍ර වට වලට සාපේක්ෂව ඉහළ ඉල්ලුමක් සහිත Pro Rata Occupations වල EOI සඳහා මෙවර ඉතාමත් අඩු ආරාධනා පත්‍ර සංඛ්‍යාවක් ලැබී තිබේ.

Source: Getty Images
IT සහ Accounting වෘත්තීන්ගේ තත්ත්වය
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ තත්ත්වය සාරාංශගතව පහත පරිදි වේ.
Accountants (Occupation ID - 2211) සඳහා 24/08/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් හා 80 සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Auditors (Occupation ID - 2212) සඳහා සඳහා 22/12/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
ICT Business and System Analysts (Occupation ID - 2611) සඳහා 28/09/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 75 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Software and Applications Programmers (Occupation ID - 2613) සඳහා 10/10/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 75 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Computer Network Professionals (Occupation ID - 2631) සඳහා 03/09/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 70 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------