Public holidays හෙවත් රජයේ නිවාඩු දිනවල වාහන නතර කර තැබීමේ නීති පිළිබඳ ඔස්ට්‍රේලියාවේ වෙසෙන බොහෝ දෙනා තවමත් හරිහැටි නොදන්නා කරුණකි.
බොහෝ දෙනෙකු සිතා සිටින්නේ ඔස්ට්‍රේලියාවේ රජයේ නිවාඩු දිනවලදී සියලුම වාහන නවතා තැබීමේ ස්ථාන වල නොමිලයේ සහ ඕනෑම වේලාවක් වාහනය නවත්වා තැබීමට හැකි බවය.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ පිළිබඳව නිවැරදිව තොරතුරු නොදැන සිටීම නිසා බොහෝ දෙනෙකු රජයේ නිවාඩු දිනවල වාහන නතර කර තැබීමේ නීති උල්ලංඝනය කරමින් දඩ මුදල් වලට ලක්වීමේ සිදුවීම්ද බොහොමයක් අසන්නට ලැබී ඇත.
ඔස්ට්‍රේලියාවේ Public holidays හෙවත් රජයේ නිවාඩු දිනවල වාහන නතර කර තැබීමේ නීති පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදරිපත් කෙරේ.

Source: Flickr
රජයේ නිවාඩු දින
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්ත හා ටෙරටරි මගින් ගැසට් කර ප්‍රසිද්ධියට පත් කරනු ලැබූ සියලුම රජයේ නිවාඩු අදාළ ප්‍රාන්තයේ හෝ ටෙරටරියේ රජයේ නිවාඩු දින ලෙස හැඳින්වේ.
උදාහරණ ලෙස නත්තල් දිනය, ජනවාරි 01 වන දින, මහා සිකුරාදා දැක්විය හැකිය.
නමුත් Christmas Eve හෙවත් නත්තල් දිනයට පෙර දිනය සහ New Year's Eve හෙවත් දෙසැම්බර් 31 වන දින රජයේ නිවාඩු නොවන බවද දැනගත යුතුය.

Source: SBS
රජයේ නිවාඩු දිනවල නොමිලයේ ඕනෑම කාලයක් වාහන නැවැත්විය හැක්කේ කොතැනද?
යම් parking sign එකක හෙවත් වාහන නවත්වා තැබීමේ සංඥා පුවරුවක නිශ්චිත දිනයක්, දින හෝ වේලාවක් සඳහන් කර ඇත්නම් ඔබට එම ස්ථාන වල රජයේ නිවාඩු දිනවලදී නොමිලයේ ඕනෑම කාලයක් වාහන නැවැත්විය හැකි බව The Age පුවත්පත පවසයි.
උදාහරණයක් ලෙස වාහන නවතා තැබීම සඳුදා සිට සිකුරාදා දක්වා පැය 2 ක කාලයක් සඳහා පමණයි යන පුවරුවක් රජයේ නිවාඩු දිනයකදී බල රහිත වන බවත් වාහන නැවත්වීම සඳහා එහි මුදල් ගෙවා ටිකට් පත් ලබා ගන්නා මීටරයක් සවි කර තිබුණත් රජයේ නිවාඩු දිනවලදී එම ස්ථාන වල නොමිලයේ ඕනෑම කාලයක් වාහන නැවැත්විය හැකිය.
නිශ්චිත දිනයක්, දින හෝ වේලාවක් සඳහන් කර ඇති ඕනෑම කොළ පැහැති, රතු පැහැති වාහන නවත්වා තැබීමේ සංඥා පුවරුවකට මෙය අදාළ වේ.

Source: SBS
රජයේ නිවාඩු දිනවල නොමිලයේ ඕනෑම කාලයක් වාහන නැවැත්විය නොහැක්කේ කොතැනද?
යම් parking sign එකක හෙවත් වාහන නවත්වා තැබීමේ සංඥා පුවරුවක නිශ්චිත වේලාවක් සඳහන් කර ඇති නමුත් නිශ්චිත දිනයක් හෝ හෝ දින සටහන් කර නැති ස්ථාන වල රජයේ නිවාඩු දිනවලදී ඕනෑම කාලයක් වාහන නැවැත්විය නොහැකිය.
එමෙන්ම නිශ්චිත දිනයක් හෝ වෙලාවක් සටහන් කර නොමැති "වාහන් නවතා තැබීම තහනම්" සංඥා පුවරු අසළද වාහන රජයේ නිවාඩු දිනවලදී වාහන නැවැත්විය නොහැකිය.
එහිදී මීටරයක් තිබුණහොත් ඔබට අදාළ කාලයට මුදල් ගෙවීමක් සිදු කිරීමට ද සිදුවේ.
ඔබ මෙම නීති වලට යටත් නොවුවහොත් ඔබට ඒ සඳහා පනවන ලබන දඩ මුදල ගෙවීමටද සිදුවේ.
මේ අතර 24-hour clearway සංඥා පුවරු ඇති ස්ථාන වලදීද රජයේ නිවාඩු දිනවල පවා වාහන නැවැත්විය නොහැකිය.
යම් රජයේ නිවාඩු දිනයක් සති අන්තයේ තිබුණහොත් සාමන්‍යයෙන් ඊට හිලව් නිවාඩු දිනයක් එම සති අන්තයෙන් පසුව එළඹෙන සඳුදා ලබා දීමට බොහෝ විට කටයුතු යොදයි.

Source: SBS
එහිදී අදාළ රජයේ නිවාඩු දිනයේ මෙන්ම හිලව් නිවාඩු දිනයේද රජයේ නිවාඩු දිනයකදී බලාත්මක වන නීතිම ක්‍රියාත්මක වේ.
නමුත් ඇතැම් ප්‍රාන්ත වල මෙම නීති සුළු වශයෙන් වෙනස් වන අතර එක් එක් ප්‍රාන්තයේ නගර සභා වෙබ් අඩවි වල එම නගරයට අදාළ වාහන නවතා තැබීමේ නීති දක්වා ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------