ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වලට තවමත් මේ ගෙවී යන්නේ ශීත කාලය වේ.
අනෙක් සෘතු වලට සාපේක්ෂව බොහෝ පිරිස් ශීත කාලයේදී වැඩි වශයෙන් අසනීප වන තත්ත්වයක් පෙන්නුම් කරන බවද සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි.
විෂ බීජ පැතිරීම ඉහළ මට්ටමක පැවතීම ඊට ප්‍රධාන හේතුව බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ළමුන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන (Childcare) මගින් ළමුන් අතර විශාල ලෙස විෂ බීජ පැතිරීමක් සිදුවන බව පෙනී ගොස් තිබේ.
එනිසාම, ළමා සුරැකුම් මධ්‍යස්ථාන වලදී ළමුන් අතර විෂ බීජ පැතිරෙන සුලබ ක්‍රම සහ එම විෂ බීජ පැතිරීම වැළක්වීමට අනුගමනය කළ හැකි පියවර පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Source: Getty Images
ශීත කාලයේදී ළමා සුරැකුම් මධ්‍යස්ථාන වල සිටින ළමුන්ට බහුලවම වැළඳිය හැකි රෝග
ළමුන් වැඩි වශයෙන් අසනීප වීම දක්නට ලැබෙන්නේ ශීත කාලයේදීය.
ශීත කාලයේදී ළමා සුරැකුම් මධ්‍යස්ථාන වල සිටින ළමුන් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝග අතර සාමාන්‍ය උණා සහ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ඉන්ෆ්ලුවන්සා රෝගය, Hand, foot and mouth disease සහ පැපොල රෝගය ප්‍රධාන ස්ථානයක් ගන්නා බව මෙල්බන් නුවර ළමා සුරැකුම් කළමණාකාරිනියක් හා සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කරන මෙනාෂා පෙරේරා මහත්මිය SBS සිංහල සේවයට පැවසුවාය.
ළමා සුරැකුම් මධ්‍යස්ථානය (Childcare) වෙත යම් ළමයෙකු බාරදීමේදී පටන් නැවත දෙමාපියන් ළමයාව රැගෙන යන තෙක් එම ළමයාව දිනය පුරා නිරීක්ෂණය කිරීම ළමා සුරැකුම් මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය අතින් සිදුවෙයි.
එනමුත් එහිදී යම් වෙනසක් ළමයා පිළිබඳ දැනුනු විට එම ළමයා පිළිබඳ වැඩි වශයෙන් නිරීක්ෂණය කිරීමක් ඔවුන් විසින් සිදුකරනු ලබයි.

Source: AAP
අසනීප වූ ළමයෙකු නැවතත් ළමා සුරැකුම් මධ්‍යස්ථානය වෙත එවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
ළමයෙකු සම්පූර්ණ සුවය නොලබා ළමා සුරැකුම් මධ්‍යස්ථානය වෙත එවිය නොයුතු බව මෙල්බන් නුවර ළමා සුරැකුම් කළමණාකාරිනියක් හා සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කරන මෙනාෂා පෙරේරා මහත්මිය SBS සිංහල සේවයට පැවසුවාය.
ළමා සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ස්ථාපනය කර ඇති නීති රෙගුලාසි වලට අනුව ඒ ඒ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දුන් ළමුන් සුවය ලබා කොපමණ කලක් නිවසේ රැදී සිටිය යුතුද කියා තීරණය කර තිබේ.
පැපොල රෝගය වැළඳුනු ළමයෙකු එම රෝගය සුවවී දින 7 ක් යනතුරු ළමා සුරැකුම් මධ්‍යස්ථානය වෙත ඒමට නුසුදුසු බව මෙනාෂා පැවසුවාය.
එමෙන්ම මේ දිනවල ඉන්ෆ්ලුවන්සා රෝගය යම් දරුවෙකු හට වැළඳුනහොත් එම දරුවා මාසයක් පමණ යනතුරු කිසිදු ළමයෙකු සමග සම්බන්ධතාවක් ඇති නොකරගන්නා ලෙස වෛද්‍යවරු නිර්දේශ කරති.
අසනීප තත්ත්වයේ පසුවූ ළමයෙකු නැවත ළමා සුරැකුම් මධ්‍යස්ථානය (Childcare) වෙත එවීමේදී වෛද්‍ය සහතිකයක් අනිවාර්යෙන් රැගෙන ආ යුතු බවත් එසේ වෛද්‍ය සහතිකයක් නොමැතිව අදාළ ළමයාව ළමා සුරැකුම් මධ්‍යස්ථානය වෙත බාර නොගන්නා බවද මෙනාෂා පැවසුවාය.
එමෙන්ම ළමයෙකු ළමා සුරැකුම් මධ්‍යස්ථානය වෙත බාර දීමේදී එම ළමයා ගේ තත්ත්වය පිළිබඳ අදාළ දෙමාපියන් විසින් සත්‍ය තොරතුරු ළමා සුරැකුම් මධ්‍යස්ථානය වෙත දැන්වීම දෙමාපියන්ගේ වගකීමක් බවද ඇය වැඩි දුරටත් පැවසුවාය.

Source: SBS
ළමුන් අතර බහුල වශයෙන් විෂ බීජ පැතිරීමට හැකි ක්‍රම
පිරිසිදුව සිටීමට නියමිත ක්‍රියා මාර්ග ළමුන් විසින් පිළි නොපැදීම ළමුන් අතර බහුල වශයෙන් විෂ බීජ පැතිරීමට හැකි ප්‍රධානතම හේතුව වී තිබේ.
දෙමාපියන්ගේ නොසැලකිලිමත් බව, නියමිත කාලයට එන්නත් ලබා නොදීම වැනි කරුණු නිසාද ළමුන් අතර බහුල වශයෙන් විෂ බීජ පැතිරී යනවා සේම ඔවුන් ඉක්මණින් අසනීප වීමේ සම්භාවිතාවක් ද පවතින බව මෙල්බන් නුවර ළමා සුරැකුම් කළමණාකාරිනියක් හා සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කරන මෙනාෂා පෙරේරා මහත්මිය SBS සිංහල සේවයට පැවසුවාය.

Source: SBS Sinhala
Read & Watch More

ඔස්ට්‍රේලියාවේ කිරි දෙන මව්වරුන්ට ඇති නීති පිළිබඳ ඔබ දැනුවත්ද? (SBS සිංහල/ වාර්තා)