ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අතරින් මහජනතාව මහත් අපහසුතාවට පත්වන නගරය ලෙස සිඩ්නි නගරය හැඳින්වෙන බව වාර්තා වේ.
ජන ජීවිතයට අත්‍යවශ්‍ය අංග සහ සේවාවන් ජනයාට බොහෝ දුරින් පිහිටීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගතවී ඇති බව The Roar වෙබ් අඩවිය වාර්තා කරයි.

Source: SBS
සිඩ්නි ජීවන තත්ත්වය
The Roar වෙබ් අඩවිය වාර්තා කරන පරිදි සිඩ්නි ගුවන් තොටුපොලෙන් සාමාන්‍ය දුම්රිය ටිකට් පතක් මිලට ගැනීමට නොහැකිවේ.
මධ්‍යම රාත්‍රියෙන් පසුව බීම වර්ගයක් මිලට ගැනීමට නොහැකිවේ.
සිඩ්නි නුවරින් හෝ ඒ අවටින් හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට නිවසක් මිලට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
කලාවට සහ ක්‍රීඩාවට දොර කවුළු වැසෙමින් පවතින අතර දේපළ වෙළෙඳාම් සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර වලට දොරටු විවෘත වෙමින් පවතී.
ජීවන වියදම ඉහළ යමින් පැවතීම සහ ඉහත කරුණු හේතුවෙන් බහුතරයක් සිඩ්නි ජනයා පීඩා විඳිමින් සිටියි.

Source: SBS
දේශපාලන කඹ ඇදිල්ල
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මේ වන විට බාරවී ඇත්තේ ලිබරල් පක්ෂයටය.
වාර්තා වන ආකාරයට සිඩ්නි නුවර ප්‍රධාන ගැටළු වලට ඔවුන්ට ස්ථිරසාර විසඳුම් සොයා දීමට තවමත් නොහැකිවී ඇත.
සිඩ්නි නුවර ආශ්‍රිතව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නගරබද කලාප වල ජනගහනය ශීග්‍රව ඉහළ යාම පිළිබඳ පමණක් පසුගිය සමයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දැඩි ලෙස අවධානය යොමු කර තිබුණි.
මේ හේතුවෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බාරගන්නා වාර්ෂික සංක්‍රමණික ප්‍රමාණය අඩකින් කප්පාදු කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනියට අවශ්‍ය වී තිබේ.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කම්කරු පක්ෂ නායක Michael Daley හටද සිඩ්නි නුවර පිළිබඳ එතරම් සුබදායී දැක්මක් නැති බව පෙනෙන්නට ඇති බව The Roar වෙබ් අඩවිය වාර්තා කරයි.
සිඩ්නි නුවර පිහිටි ප්‍රධාන ක්‍රීඩාංගන දෙකක් වන Allianz හා ANZ ක්‍රීඩාංගන නැවත ඉදිකිරීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට කම්කරු පක්ෂ ප්‍රාන්ත රජයක් යටතේ අපේක්ෂාවක් නොමැති බව Michael Daley පැවසු බව The Roar වෙබ් අඩවිය පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------