2022 මාර්තු කාර්තුව වන විට ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය 5.1% දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
මාස තුනකට පෙර පැවති 3.5% සිට තියුනු ලෙස ඉහළ ගිය උද්ධමනය දශක දෙකකට වැඩි කාලයක් තුළ එහි ඉහළම මට්ටමට ළඟා වී තිබේ.
මෙලෙස උද්ධමනය ඉහළ යාම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට ප්‍රධාන වශයෙන් බපලාන අයුරු මෙම ලිපියෙන් විස්තර කෙරේ.
Highlights
- ඔස්ට්‍රේලියාවේ එළවලු මිල 6.6% කින් සහ පළතුරු මිල 4.9% කින් වසරින් වසර ඉහළ ගොස් ඇත.
- හරක් මස් 7.6% කින් වැඩි වී තිබේ.
- උද්ධමනය ඉහළ යාම හරහා ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් නිල පොලී අනුපාතය ඉහල නැංවීමට පුලුල් ලෙස අපේක්ෂා කරයි.
ආහාරවලට බලාපාන අයුරු
ඔස්ට්‍රේලියාවේ ආහාර මිල ගණන් දශකයකට වැඩි කාලයක් තුළ වසරින් වසර එහි ඉහළම මිලට ගොස් ඇති බව නවතම දත්ත පෙන්නුම් කරයි.
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමන අනුපාතය වසර 2001 සිට එහි ඉහළම මට්ටම දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර මිල මාර්තු දක්වා වසරට වඩා 4.3% කින් සහ පෙර කාර්තුවට වඩා 2.8% කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත අනාවරණය කරයි.
මෙම නැගීම 2011 වසරේ සිට වසරක් තුළ ආහාර මිල උද්ධමනයේ ඉහළම වැඩිවීම බව කෘෂි ව්‍යාපාර විශේෂඥ ආයතනයක් වන Rabobank පැවසීය.
ආහාර මිල ඉහළ යාමට උද්‍යාන වගාව ප්‍රධාන දායකත්වයක් සපයන බව Rabobank හි ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක Michael Harvey සඳහන් කළේය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ එළවලු මිල 6.6% කින් සහ පළතුරු මිල 4.9% කින් වසරින් වසර ඉහළ ගොස් ඇත.

Source: SBS
ඊට අමතරව හරක් මස් 7.6% කින් වැඩි වී තිබේ.
මස්, මුහුදු ආහාර සහ කිරි නිෂ්පාදනවල ඉහළ මිල ද පසුගිය කාර්තුවේ ආහාර මිල උද්ධමනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව Rabobank හි ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක Michael Harvey පැවසීය.
භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ රියදුරන්ට COVID-19 වැළදීම නිසා ඇති වූ සැපයුම් දාම කඩාකප්පල් වීම් සහ භාණ්ඩ ප්‍රවාහන හා පොහොර පිරිවැය ද ආහාර මිල ඉහළ යාම පිටුපස ඇති තවත් ප්‍රබල හේතු බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දුන්නේය.
මාර්තු කාර්තුවේදී නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල ඇතිවූ ගංවතුර ද ඊට තවත් නරපත්ල සාධකයක් විය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
නිවාස ක්ෂේත්රයට බලාපාන අයුරු
උද්ධමනය ඉහළ යාම හරහා ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් නිල පොලී අනුපාතය ඉහල නැංවීමට පුලුල් ලෙස අපේක්ෂා කරයි.
එය දැනට 0.1% ක ඓතිහාසික අවම මට්ටමක පවතී.
ලබන අඟහරුවාදා ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු මණ්ඩලය රැස්වීමට අපේක්ෂිත වන අතර පොලී අනුපාතිකය 0.25% දක්වා 0.15% කින් ඉහළ යාමේ අවදානමක් මතුව පවතී.
එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය වෙලඳපොලවල් සම්පූර්ණයෙන්ම මිල නියම කරන අතර ඉදිරි මාසවලදී එම අගයන් තවත් ඉහළ දමනු ඇත.
මෙය සිදුවුවහොත්, විචල්‍ය අනුපාත නිවාස ණය සහිත ගනුදෙනුකරුවන්ට බැංකු මෙය සම්පුර්ණයෙන්ම ලබා දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව AMP Capital හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෂේන් ඔලිවර් පැවසීය.
නිවාස වෙළෙඳපොළේ නැගීම මන්දගාමී වන බව ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළ ක්ෂේත්රයේ ප්‍රධාන සමාගමක් වන Domain හි නවතම කාර්තුමය නිවාස මිල වාර්තාව පෙන්නුම් කරයි.

Source: RateCity/ SBS News
capital median house price හෙවත් ප්‍රාග්ධන මධ්‍ය නිවාස මිල මාර්තු කාර්තුවට වඩා 0.6% කින් වැඩි විය. 2021 දෙසැම්බර් කාර්තුවේ දී එම අගය සියයට 6.3 කින් වැඩි වූ බව ද වාර්තා වේ.
පසුගිය වසර දෙක තුළ ඇතැම් නගරවල නිවාසවල මධ්‍ය මිල 45% කින් ඉහළ ගොස් ඇති අතර, පූර්ව වසංගත මට්ටම් කරා ළඟා වීමට නම් ඒවායේ මිලෙහි සැලකිය යුතු අඩුවීමක් අවශ්‍ය වනු ඇත.
පසුගිය කාර්තුවේ සිට නිවාස කුලී මිල ගණන් 0.6% කින් ඉහළ ගොස් ඇත.
2014 වසරේ සැප්තැම්බර් කාර්තුවෙන් පසු විශාලතම වැඩිවීම එය වන අතර වසරින් වසර වැඩිවීම 1% කි.

Source: Getty Images
ඉන්ධන වලට බලපාන අයුරු
රුසියානු-යුක්රේන යුද්ධය සහ ගෝලීය ඉල්ලුම ඉහළ යාම හරහා වර්ධනයවූ ඉන්ධන ඉල්ලුමත් සමඟ මෝටර් රථ ඉන්ධන මිල මාර්තු කාර්තුවේදී 11% කින් ඉහළ ගොස් ඇත.
පසුගිය මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල ලීටරයකට ඩොලර් 2 ඉක්මවූ වාර්තාගත මට්ටමක් කරා ළඟා විය.
මේ හේතුවෙන් 2022 සැප්තැම්බර් 28 දක්වා ඔස්ට්‍රේලියාවේ ඉන්ධන ලීටරයකට පනවන ශත 44.2 ක බද්ද අඩකින් අඩු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.
මෙම කප්පාදුව නිසා මේ වසරේ ජූනි කාර්තුවේ උද්ධමනය ගණනය කරන විට එය හතරෙන් පංගුවකින් අඩු කළ යුතු බව රජය පවසයි.