ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් ලොව අංක එක බවට 2011 වසරේ පටන් නොකඩවා වසර 7 ක් පුරාවට කිරුළු පැළඳි මෙල්බර්න් නුවර මෙවර දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
ලොව පුරා නගර 140 ක් ඇතුළත් ලෝක ප්‍රකට “The Economist” සඟරාවේ The Economist බුද්ධි ඒකකයේ (EIU) ජීවන දර්ශකයට අනුව වාර්ෂිකව මෙම තේරීම සිදු කරයි.
ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් ලොව අංක එක බවට 2018 දී මුල් තැන හිමි කරගෙන ඇත්තේ ඔස්ට්‍රියාවේ අග නුවර වන Vienna නුවරය.
මෙවර දර්ශකයේ Vienna නුවර සමස්ත ලකුණු 99.1% ක් හිමි කරගෙන තිබේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
නොකඩවා වසර 7 ක් පුරාවට ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම නගරය ලෙස අංක එකේ සිටි මෙල්බර්න් නුවර මෙවර දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 0.7% කිනි.
එනම් මෙවර මෙල්බර්න් නුවරට හිමිව ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 98.4% කි.
ඔස්ට්‍රියාවේ අගනුවර වන වියානා නගරය පසුගිය වසරේ මෙම දර්ශකයේ දෙවැනි ස්ථානය හිමි කරගෙන සිටි අතර හිමි කරගෙන සිටි මුළු ලකුණු ප්‍රතිශතය 97.4% කි.
ඒ අනුව මෙවර වියානා නගරය 1.7% ක ඉහළ නැග්මක් පෙන්නුම් කරන අතර මෙල්බන් නුවරද 0.9% ක ඉහළ නැග්මක් පෙන්නුම් කරයි.

Source: Flickr
මෙල්බර්න් දෙවැනි තැනට පත්වුණේ ඇයි?
ඔස්ට්‍රියාවේ වියානා නුවර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මෙවර දර්ශකයේදී අභිබවා යාමට බලපෑ ප්‍රධානතම සාධකය වුයේ "අපරාධ රැල්ල" බව The Economist Intelligence Unit (EIU) හි Simon Baptist, ABC ගුවන් විදුලියට පැවසීය.
යටිතල පහසුකම්, ස්ථාවරත්වය, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් සහ සංස්කෘතික - පාරිසරික යන ප්‍රධාන ඛාණ්ඩ 5 යටතේ මෙම නගර වර්ගීකරණයට ලක් කර ඇත.
යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් යන ඛාණ්ඩ වලින් වියානා සහ මෙල්බර්න් නගර ඉහළම ලකුණු ලබා ගෙන තිබේ.
මේ අතර සංස්කෘතික - පාරිසරික යන ඛාණ්ඩයෙන් මෙල්බර්න් නුවර, වියානා නුවරට වඩා ඉදිරියෙන් සිටි නමුත් ස්ථාවරත්වය හමුවේ වියනා නුවර, මෙල්බර්න් නුවර අභිබවා ගොස් මෙවර කිරුළ දැරීමට සමත් විය.
මෙවර දර්ශකයේ මෙල්බර්න් නුවර දෙවැනි ස්ථානයට පත් වුවත් පසුගිය වසර 8 තුළ ලැබූ ඉහළම ලකුණු ප්‍රමාණය මෙවර ලබා ගැනීමට හැකිවීම මෙල්බර්න් නුවර ලබා ගත් ජයග්‍රහණයක් සේ සලකන බව මෙල්බර්න් නගරාධිපතිනී Sally Capp පැවසු බව ABC වෙබ් අඩවිය වාර්තා කරයි.
ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් 3 වන ස්ථානය ජපානයේ Osaka නුවරත් සිව්වන ස්ථානය කැනඩාවේ Calgary නුවරත් හිමිකරගෙන තිබේ.

Vienna Source: Flickr
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සමස්ත ලකුණු 97.4% ක් ලබා මෙවර දර්ශකයේ 5 වන ස්ථානය ලබා ඇත්තේ ගියවරට වඩා ස්ථාන 6 ක් ඉදිරියට පැමිණෙමිනි.
කැනඩාවේ Vancouver නගරය සහ Toronto නගර පිළිවෙලින් මෙවර 6 වන සහ 7 වන ස්ථාන හිමි කරගෙන ඇති අතර ජපානයේ Tokyo නුවරද 7 වන ස්ථානයට හිමිකම් ලබා තිබේ.
ඩෙන්මාර්කයේ Copenhagen නුවර 9 වන තැනට තේරී පත්ව තිබෙන කල ඔස්ට්‍රේලියාවේ Adelaide නුවර සමස්ත ලකුණු 96.6% ක් ලබා 10 වන ස්ථානයට මෙවර පත්ව ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------