වැඩිපුර නොඇසුනත්, ඕස්ට්‍රේලියාවේ ලාංකික පවුල් තුලත් "පවුල් හිංසනය" දිගටම (SBS සිංහල/විමර්ශන)

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අත්විඳින මානසික සෞඛ්‍ය ගැටලු සහ ඒ සඳහා ඔස්ට්‍රේලියාවේදී ලබා ගත හැකි උපදේශන සහ සහන සේවා සම්බන්ධයෙන් ලංකික ප්‍රජාවේ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසේ.

Despite not being heard much, "Domestic violence" continues in Sri Lankan Australia families

Source: Pexels / Alex Green

ලොව කුමන හෝ තරාතිරමක සිටින අපි සෑම අයකුම ජීවිතයේ කෙදිනක හෝ මුහුණ දෙන දෙයක් වශයෙන් මානසික ආතතිය, මානසික පීඩන තත්වය හැඳින්විය හැකියි. මෙම තත්ව සඳහා හේතු බොහොමයක් බලපායි.

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අප, එලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව, විවිධ ආකාරයේ මානසික පීඩන සහ ගැටලු සඳහා මුහුණ දීමට සිදු වූ අවස්ථා බොහොමයක් පවතී. එමෙන්ම එවැනි තත්ත්ව සඳහා මුහුණ දුන් ඇතැම් පිරිස සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුලදී කණගාටුදායක පුවත් අසන්නට දකින්නට ලැබුණු අවස්ථාත් නැතුවාම නොවේ.

මේ හේතුවෙන්, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අත්විඳින මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ මෙන්ම ඔස්ට්‍රේලියාවේදී ලබා ගත හැකි මානසික උපදේශන සහ සහන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකික ප්‍රජාවේ පිරිස දරන මතය සම්බන්ධයෙන් SBS සිංහල සේවය කල සොයා බැලීමක් මේ.


Highlights

  • මීට වසර ගණනකට පෙර පැවති ලෙසම සංක්‍රමණිකයින් මානසික පීඩන සඳහා මුහුණ දීම 
  • මානසික පීඩන සහ ආතති තත්ත්ව සඳහා වහාම ප්‍රතිකාර ගැනීමේ වැදගත්කම 
  • ඕස්ට්‍රේලියාවේ ලංකික ප්‍රජාව අතර පවුල් හිංසනය පිලිබඳ ගැටලු 
  • පවුල් හිංසනය දරුවන් හට බලපාන අයුරු

ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයින්ගේ සංක්‍රමණය වීම ආරම්භ වුනේ මීට බොහෝ කාලයකට පෙර පටන් සහ ඒ කාලයට සාපේක්ෂව වර්තමානය වන විට මේ තත්වයේ යම් වෙනසක් දක්නට තිබේ.

මේ සම්බන්ධයෙන් SBS සිංහල සේවයට මුලින්ම අදහස් පල කිරීම සිදු කලේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජා ක්‍රියාකාරිනියක වන ආශා ෆොන්සේකා. ඇය ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙන්නේ මීට දශක දෙකකට පමණ පෙර.

අශා සඳහන් කොට සිටින්නේ ඇය සිය ඉගෙනීම් කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි ඒ කාලයත් සමග සැසඳීමේදී මේ වනවිට යම් වෙනසක් දකින නමුත් ඉගෙනීම් කටයුතු සම්බන්ධයෙන් සහ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අලුත ඇය අත්විඳි මානසික පීඩන තත්වයන් වර්තමානයේ පැමිණෙන පිරිසත් ඒ අයුරින්ම අත්විඳින බවයි.

කෙසේ නමුත් මෙහි සිටින ශ්‍රී ලාංකිකයින් මානසික උපකාර ලබාගැනීම සඳහා යොමු වීමේ අඩුවක් දකින බවත් ඇය පෙන්වා දෙයි. යම් හෙයකින් හෝ මානසික පීඩනකාරී තත්වයක් සඳහා මුහුණ දුන්නොත් ඕස්ට්‍රේලියාවේ ප්‍රජා මධ්‍යස්ථාන හරහා ඒ සඳහා උපකාර ලබාගැනීමට පහසුකම් රැසක් පවතින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කොට සිටී.
Asha Fonseka - Community activist - NSW
Asha Fonseka with her family - NSW Source: Supplied by Asha Fonseka
එමෙන්ම ඇය පවසන්නේ තම දෙවන දරුවා ලැබීමට අසන්න කාලයේදී යම් මානසික අතතියකට මුහුණ දීමට සිදු වූ නමුත් ඕස්ට්‍රේලියාවේ තිබෙන මානසික උපකාරක සේවා ලබාගැනීම මත තමන්ට දරු ප්‍රසුතියේදී මහත් අස්වැසිල්ලක් ලැබුණු බවයි.

SBS සිංහල සේවය සමග වික්ටෝරියා ප්‍රාන්තයෙන් සම්බන්ධ වූ මේ වනවිට ජාත්‍යන්තර ශිෂ්‍යාවක වන නිපුනි මලවලාරච්චි පවසන්නේ මීට වසර කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණීම තමන්ට යම් මානසික පීඩනයක් ගෙන දුන් අතර ඉගෙනීම් කට‍යුතු සම්බන්ධයෙන් විවිධ මානසික අතතීන්ට මුහුණ දීමට සිදු වුනු බවයි.
Nipuni Malawalarachi - International student -VIC
Nipuni Malawalarachi and her partner -VIC Source: supplied by Nipuni Malawalarachi
මෙහිදී ඉගෙනීම් කටයුතු සහ රැකියා කටයුතු කළමනාකරණය කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බවත් නිපුනි පවසයි.
"නිපුනි පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිටින ප්‍රජාව මානසික ගැටලු සඳහා උපකාර පැතීම සාමාන්‍යයෙන් සිදු කරන අතර එය ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අයකු වශයෙන් ඉතා යහපත් තත්වයක් ලෙස තමන් දකින බවයි."

වික්ටෝරියා ප්‍රාන්තයේ සිට සම්බන්ධ වූ රාජකීය ඕස්ට්‍රේලියානු- නවසීලන්ත මනෝ වෛද්‍ය සංගමයේ සාමාජික හා විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක වෛද්‍යතුමන් පෙන්වා දෙන්නේ මානසික ගැටලුකාරී තත්වයන් බැහැර නොකොට ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වන බවයි.
"සාමාන්‍යයෙන් Anxiety සහ Depression යන මානසික ගැටලු සඳහා බොහෝ පිරිසකට මුහුණ දීමට සිදු වන අතර එය ඔවුන් සාමාන්‍ය දෙයක් වශයෙන් සලකන බව රාජකීය ඕස්ට්‍රේලියානු- නවසීලන්ත මනෝ වෛද්‍ය සංගමයේ සාමාජික හා විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක වෛද්‍යතුමන් පවසයි."

Depression රෝග ලක්ෂණ

  • දිගු කලක් පවතින සිතේ දුක
  • තම ශරීර ශක්තිය හීන වීම
  • කලින් සිතට සතුට ගෙනදුන් දේ සිදු කිරීම ඔස්සේ එවැනි ආකාරයේ සතුටක් නොලැබීම
  • ආහාර අරුචිය
  • නින්ද නොයාම
  • අවධානය යොමු කිරීමට නොහැකි වීම
  • සියදිවි නසාගැනීමේ සිතුවිලි පහල වීම

Image

Anxiety රෝග ලක්ෂණ

  • හේතුවකින් තොරව විවිධ දේ පිළිබඳව බිය වීම
  • අනාගතය පිළිබඳව බියක් ඇතිවීම

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි රෝග ලක්ෂණ දිගු කලක් පැවතිය හොත් , සාමාන්‍ය අයකු අත්විඳින ආකාරයට වඩා දැඩි ලෙස අත්විඳින්නේ නම් හෝ මෙම සියලු ලක්ෂණ එකට අත්විඳින්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම සිදු කරන ලෙසයි.


මීළඟට SBS සිංහල සේවයට අදහස් දැක්වීම සිදු කලේ දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රජා ක්‍රියාකරුවකු වශයෙන් කටයුතු කරන නයන් පෙරේරා
"නයන් පවසන්නේ ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට විවිධ හේතුන් මත විවිධ මානසික ගැටලු සඳහා මුහුණ දීමට වන බවයි."
එමෙන්ම ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව පවුල් තුල සිදු වන විවිධ ගැටුම් සහ වෙන්වීම් හේතුවෙන් බොහෝ විට දරුවන්ගේ අයිතිය අහිමිවීම මත, පිය පාර්ශවය මානසික පීඩන සඳහා මුහුණ දීම සිදු වන බවත් ඔහු අවධාරණය කොට සිටී.
Nayan Perera- Community activist - SA
Nayan Perera with his family - SA Source: Supplied by Nayan Perera
කෙසේ නමුත් මානසික ගැටලු පවතින බවට හඳුනාගැ නොගැනීම හේතුවෙන්,සමස්තයක් වශයෙන් පුද්ගලයින් මානසික ගැටලු සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යොමු වීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් නයන් වැඩිදුරටත් පවසයි.
ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සාකච්චා කිරීමට අපත් සමග වික්ටෝරියා ප්‍රාන්තයෙන් සම්බන්ධ වූ ලියාපදිංචි මනෝ උපදේශිකා ඉරේෂා කාරියවසම් පවසන්නේ ඔස්ට්‍රේලියාව තුල මෙම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යම් ආකාරයකින් දක්නට ලැබෙන අතර, මේ සඳහා මුලික වන සහ ගොදුරු වන පිරිස අතර විවිධාකාර මානසික ගැටලු දක්නට ලැබෙන බවයි.
Iresha Kariyawasam - Registered counsellor -VIC
Iresha Kariyawasam - Registered counsellor -VIC Source: Supplied by Iresha Kariyawasam
ඒවා නම් Stress / Anxiety සහ Depression වශයෙන් හැඳින්විය හැකියි. මේ හේතුවෙන් බොහෝ පිරිසක් මත්පැන් සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීමක් දක්නට ලැබෙන අතර ඔවුන්ගේ චින්තන රටාවේ අක්‍රමිකතා දක්නට ලැබෙන බවත් ඇය පෙන්වා දෙයි.
"ලියාපදිංචි මනෝ උපදේශිකා ඉරේෂා කාරියවසම් වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ මෙවැනි ගෘහස්ත හිංසනය සඳහා මුහුණ දුන් දරුවන් බොහෝ කාලයක් තිස්සේ බියෙන් සහ කලකිරීමෙන් ජීවත් වීම හේතුවෙන් මානසික ගැටලු රැසක් සඳහා මුහුණ දෙන බවයි."

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් අදහස් දැක්වීමට සම්බන්ධ වූ එම ප්‍රාන්තයේ ප්‍රජා ක්‍රියාකරුවකු වශයෙන් කටයුතු කරන දිනූ ඒකනාය.
"දිනූ පෙන්වා දෙන්නේ, ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් තුල පවුල් හිංසනය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳව තොරතුරු වැඩි වශයෙන් අසන්නට දක්නට නොලැබුනත් ආර්ථික සහ සමාජ සම්බන්ධතා ගැටලු මත ඒවා යම් දුරකට සිදුවන බවයි."
එමෙන්ම මෙහි ප්‍රතිපලයක් වශයෙන් දරුවන් බොහෝ විට මානසික පීඩන සඳහා ගොදුරු වන අතරම එමගින් දරුවන්ගේ ඉදිරි මානසික තත්වය දැඩි බලපෑමක් සිදු වන බවත් ඔහු පෙන්වා දෙයි. මේ හේතුවෙන් දිනූ ඒකනායක අවධාරණය කොට සිටින්නේ, දෙමාපියන් හට යම් කිසි හෝ ගැටලුකාරී තත්වයක් හෝ මානසික පීඩනකාරී තත්වයක් පවතී නම් ඒ සඳහා වහාම උපකාර පැතීමට යොමුවන ලෙසයි.
Dinu Ekanayake- Community activist
Dinu Ekanayake- Community activist - WA Source: Supplied by - Dinu Ekanayake
"විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක වෛද්‍යතුමන් පවසන්නේ සියලු මානසික ගැටලු සහ පීඩන තත්ව සඳහා ඔස්ට්‍රේලියාව තුල සහන සේවා ලබාගැනීමට බොහෝ අවස්ථා පවතින අතර නොදැනුවත්කම මත ඒ සඳහා යොමු වීමක් දක්නට නොලැබෙන බවයි."
ඔස්ට්‍රේලියාව තුල මානසික රෝග සහ ආතතීන් සම්බන්ධයෙන් උපකාර ලබාදෙන විවධ ආයතන පවතී

  • Lifeline Australia
  • Beyond Blue
එමෙන්ම පවුල් වෛද්‍යවරුන් හරහා සෑම අයකුටම මානසික සෞඛ්‍ය උපකාර ලබාගැනීම සඳහා යොමුවීමේ හැකියාවක් ඔස්ට්‍රේලියාව තුල පවතින බව පෙන්වා දෙමින් ඔහු සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියානු රජය මගින් සහ ප්‍රාන්ත රජයන් සංක්‍රමණිකයින් හට මානසික සෞඛ්‍ය සහන ලබාදෙන වැඩසටහන් පවතින බවයි.

 


 මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

අන්තර්ජාලය ඔස්සේ මෙවැනි සහන ලබාදෙන ආයතන සහ වැඩසටහන් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ලබාගත හැකි අතරම භාෂා පරිවර්තන සහායද මේ මගින් ලබාගත හැකි බවත් විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක පෙන්වා දෙයි.

මනෝ උපදේශිකා ඉරේෂා කාරියවසම් අවසාන වශයෙන් පවසන්නේ, තමන් හට පවතින මානසික ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් වැඩි වශයෙන්ම තමන් හට දැනීමක් පවතින අතර, යම් හෙයකින් එවැනි තත්වයක් දැනුනහොත් වැඩි කාලයක් ගත නොකොට මානසික උපකාර ලබාගැනීම සඳහා හැකි ඉක්මනින් පෙළඹීම සිදු කරන ලෙසයි.

Share
Published 25 February 2022 12:46pm
Updated 1 March 2022 9:43am
By Nipuna Dodangoda

Share this with family and friends