ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට 2022 ජූලි 01 සිට $250 ක බිල්පත් ප්‍රසාද දීමනාවක් ලබාගත හැකිය.
මෙය එක් නිවසකට ඩොලර් 580ක් දක්වා ඉතිරි කර ගත හැකි පියවරකි.
Highlights
- මෙම බලශක්ති ප්‍රසාද දීමනාව ජූලි 1 සිට සියලුම වික්ටෝරියානු නිවාස සඳහා විවෘත වේ.
- මීට පෙර Power Saving Bonus හෙවත් බලශක්ති ඉතිරිකිරීමේ ප්‍රසාද දීමනාව ඉල්ලා සිටි ඕනෑම අයෙකුට ජූලි 01 සිට නව ගෙවීමට නැවත හිමිකම් පෑමට හැකි වනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.
- Victorian Energy Compare වෙබ් අඩවියට ගොස් මේ සඳහා අයදුම් කළ හැකිය.
$250 ක බිල්පත් ප්‍රසාද දීමනාව
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගේ ආර්ථිකයට එල්ලවන දැඩි පීඩනය සඳහා සහනයක් සැපයීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්ත රජය මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම බලශක්ති ප්‍රසාද දීමනාව ජූලි 1 සිට සියලුම වික්ටෝරියානු නිවාස සඳහා විවෘත වේ.
නව $250 ගෙවීම, මීට පෙර සුදුසුකම් ලත් concession කාඩ්පත් හිමියන්ට ලබා ගත හැකි වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ පවතින බලශක්ති ඉතිරිකිරීමේ බෝනස් වැඩසටහන මත ගොඩනගා ඇත.
එය වික්ටෝරියානුවන් 400,000 කට ආසන්න පිරිසකට වඩා හොඳ හා වාසිදායී බලශක්ති සැපයුම්කරුවෙකු සෙවීමට සහ ඔවුන්ට යළි මුදල් ලබාදීමට පහසුකම් සපයා ඇත.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මීට පෙර Power Saving Bonus හෙවත් බලශක්ති ඉතිරිකිරීමේ ප්‍රසාද දීමනාව ඉල්ලා සිටි ඕනෑම අයෙකුට ජූලි 01 සිට නව ගෙවීමට නැවත හිමිකම් පෑමට හැකි වනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.
Victorian Energy Compare වෙබ් අඩවියට ගොස් ඔවුන්ගේ වර්තමාන බලශක්ති බිල්පත් සංසන්දනය කිරීමෙන් ඔවුන්ට වඩා හොඳ ගනුදෙනුවක් ලබා ගත හැකිදැයි බලා වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට මෙම $250 ගෙවීමට හිමිකම් පෑමට හැකිය.
වික්ටෝරියානු බලශක්ති පාරිභෝගිකයින්ට ලබා ගත හැකි එකම නිදහස් සහ ස්වාධීන online බලශක්ති මිල සංසන්දන සේවා සපයන වෙබ් අඩවිය එය වේ.

Energy bills during winter in Australia Source: AAP
අයදුම් කිරීම
Victorian Energy Compare වෙබ් අඩවියේ සෑම පරිශීලකයින් 10 දෙනෙකුගෙන් හත් දෙනෙකුටම බලශක්ති සැපයුම් සංසන්දනය කර මාරු කිරීමෙන් මුදල් ඉතිරි කර ගත හැකි බව පරිශීලක දත්ත පෙන්නුම් කරයි.
එම මාරුවීමේ පළමු වසර තුළ පමණක් බලශක්ති බිල්පත් වලින් ඩොලර් 330 ක වාර්ෂික ඉතුරුමක් ලබාගැනීමට අදාළ නිවැසියන්ට හැකිවේ.
ජූලි 01 සිට ලබාදෙන Power Saving Bonus හෙවත් බලශක්ති ප්‍රසාද දීමනාවත් සමඟ එක්ව ගත් කළ වික්ටෝරියානු නිවැසියන්ට වසරකට ඩොලර් 580ක් දක්වා ඉතිරි කර ගත හැකි බව එයින් අදහස් කෙරේ.
මේ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට හැකි වේගවත්ම ක්‍රමය වෙබ් අඩවිය හරහා අයදුම් කිරීම වේ.
පරිගණකයකට හෝ අන්තර්ජාලයට ප්‍රවේශයක් නොමැති වික්ටෝරියානුවන්ට 1800 000 832 අංකය හරහා Victorian Energy Compare ඇමතීමට හෝ community outreach partner ගෙන් උපකාර ලබා ගත හැකිය.
මෙම බලශක්ති ප්‍රසාද දීමනාව ඉදිරි මාස 12 සඳහා ලබා ගත හැකිය.
එක් වරක් පමණක් ගෙවනු ලබන මෙම දීමනාව ලබා ගත හැකි නිවාස ගණනට සීමාවන් නොමැත.
බලශක්ති බිල්පත් කපා හැරීමට නිවාස සහ ව්‍යාපාරවලට උපකාර වන අනෙකුත් වැඩසටහන් අතරට Victorian Energy Upgrades ඇතුළත් වේ.
Solar Victoria හරහා නිවෙස් සහ ව්‍යාපාර සඳහා වට්ටම් සහිත සූර්ය පැනල, බැටරි සහ කාර්යක්ෂම heatingසහ cooling පද්ධති පිරිනමයි.