ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්ට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) නවතම අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
2022 ජුනි 30 න් 2021-22 මුල්‍ය වර්ෂය අවසන් වීමත් සමග මෙම නිවේදනය ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් නිකුත් කර ඇත.
Highlights
- මිනිසුන් තම tax refund එක ලබා ගැනීමට ඉක්මන් වීම නිසා සෑම ජූලි මාසයකම මුලදී බොහෝ tax return වල බොහෝ වැරදි දකින බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.
- එනිසාම තමන්ගේ ආදායම් ප්‍රකාශයේ ‘Tax ready’ ලෙස සලකුණු වන තෙක් තම tax return එක යොමු නොකරන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය බදු ගෙවන්නන්ට දැනුම් දෙයි.
- ඔබට ජූලි 01 වන දිනම ඔබේ tax return එක යොමු කළ හැකි නමුත් ඔබට යම් ආදායමක් හෝ වියදමක් සටහන් කිරීමට අමතකවීමෙන් ඔබේ tax refund එක ලබා ගැනීම ප්‍රමාද විය හැකිය.
ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්ට පණිවිඩයක්
තමන්ගේ income statement හෙවත් ආදායම් ප්‍රකාශයේ ‘Tax ready’ ලෙස සලකුණු වන තෙක් තම tax return එක යොමු නොකරන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය බදු ගෙවන්නන්ට දැනුම් දෙයි.
එසේ කළහොත් tax refund එක ප්‍රමාද වීමට හෝ යම් දෝෂ ඇතිවීම නිසා නැවත tax return එක යොමු කරන ලෙසට ඉල්ලීම් ලැබිය හැකි බවට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවයි.
මිනිසුන් තම tax refund එක ලබා ගැනීමට ඉක්මන් වීම නිසා සෑම ජූලි මාසයකම මුලදී බොහෝ tax return වල බොහෝ වැරදි දකින බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැහැදිලි කළේය.
ඔබට ජූලි 01 වන දිනම ඔබේ tax return එක යොමු කළ හැකි නමුත් ඔබට යම් ආදායමක් හෝ වියදමක් සටහන් කිරීමට අමතකවීමෙන් ඔබේ tax refund එක ලබා ගැනීම ප්‍රමාද විය හැකි බව ඔහු පැවසීය.
"පළමු වරට tax return එක නිවැරදිව ලබා ගැනීමට ඔබට උපකාර කිරීම සඳහා අපි ඔබේ බදු වාර්තාවේ ඇතැම් තොරතුරු කලින් පුරවා එවනවා. අපි ඔබේ වැටුප්, සෞඛ්‍ය රක්‍ෂණය සහ බැංකුවලින් පොලී වැනි තොරතුරු කලින්ම පුරවනවා. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ජූලි අග වන විට අවසන් වනවා. එනිසා සති කිහිපයක් ඉවසා සියලු තොරතුරු පුරවා අවසන් වූ පසුව tax return එක යොමු කිරීම සුදුසුයි." යනුවෙන් සහකාර කොමසාරිස් Tim Loh වැඩිදුර පැහැදිලි කළේය.

Tax Claim Source: Getty Images/Grace Cary
පසුගිය වසරේ සිදුවූ වැරදීම්
පසුගිය වසරේ ජූලි මාසයේදී, ඔස්ට්‍රේලියානු බදු කාර්යලය විසින් ඔවුන්ගේ බදු තක්සේරු නිකුත් කිරීමට පෙර බදු ගෙවන්නන් 140,000 කට වැඩි පිරිසකට ඔවුන්ගේ 2020-21 tax return සංශෝධනය කිරීමට සිදුව ඇත.
සෑම වසරකම, ජූලි අග සිට, සේවා යෝජකයින්, බැංකු, රාජ්‍ය ආයතන සහ සෞඛ්‍ය අරමුදල් වලින් ලැබෙන බොහෝ තොරතුරු ස්වයංක්‍රීයව බදු වාර්තාවලට යොමු කරනු ලැබේ.
තමන්ගේ tax return එකේ කලින් පුරවන ලද තොරතුරු තිබේ දැයි පරීක්ෂා කිරීමට සහ ආදායම් ප්‍රකාශයන් ‘tax ready’ දැයි තහවුරු කිරීමට, ATO app එක වෙත පිවිසෙන්න. නැතිනම් ඔබේ myGov ගිණුම හරහා ATO online සේවාව වෙත පිවිසෙන්න.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
අප රැස් කරන තොරතුරු ලබා ගත හැකි වූ පසු, ඔබ කළ යුත්තේ එය පරීක්ෂා කර පුරවා නොමැති හෝ එකතු කිරීමට ඇති ඕනෑම දෙයක් එකතු කිරීම බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැවසීය.
බැංකුවලින් ලැබෙන ආදායම සහ කොටස්වලින් ලැබෙන ලාභාංශ ඇතුළත් කිරීමට මිනිසුන්ට බොහෝ විට අමතක වේ.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට මෙම තොරතුරු බොහොමයක් සඳහා ප්‍රවේශය ඇත.
කලින් පුරවා ඇති තොරතුරු වෙනස් කළ යුතු යැයි යමෙකුට හැඟෙන විට, එම වෙනස්කම් කිරීම සඳහා සහාය වීමට සුදුසු ලේඛන ඔවුන් සතුව ඇති බවට සහතික විය යුතුය.