ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීම දැඩි ලෙස ප්‍රමාද වන බවට චෝදනා බොහොමයක් ලැබී තිබේ.
ඔස්ට්‍රේලියානු නව රජයේ සංඛ්‍යාලේඛන හෙළි කරන පරිදි දැනට ගොඩගැසී ඇති වීසා අයදුම්පත් සියලුම වීසා ඛාණ්ඩ අනුව 961,016 ක් වේ.
Highlights
- ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා සඳහා අයදුම් පත් යොමු කළ බොහෝ දෙනාගේ වීසා අයදුම්පත් සලකා බැලීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාවේ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය සැලකිය හැකිය.
- ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබා දීමේදී ශ්‍රී ලංකාව තිබෙන්නේ 2 වන ඇගයීම් මට්ටමේය.
- ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වය නිසා මෙය පහළට වැටීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.
මේ අතර ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීමද සැලකිය යුතු ලෙස ප්‍රමාද වී තිබේ.
එයට හේතු වන කරුණු සහ එම ප්‍රමාදය මගහරවා ගැනීමට ඔබට ගත හැකි පියවර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය විමර්ශනයක යෙදුණි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතීඥවරයෙකු වන රුවන් සමරසිංහ මහතාගෙන් SBS සිංහල සේවය මේ පිළිබඳව කරුණු විමසුවේය.

Source: Getty Images
ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීම ප්‍රමාද වන්නේ ඇයි?
කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දමා තිබුණු කාලය තුළ විශාල වශයෙන් ශිෂ්‍ය වීසා අයදුම්පත් එකතුවීම මෙලෙස ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීම ප්‍රමාද වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස නීතීඥ රුවන් සමරසිංහ මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
2020 මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ජාත්‍යන්තර සංචාරකයින්ට වසා දැමුණු අතර එය නැවත විවෘත කරනු ලැබුවේ 2021 දෙසැම්බර් අගදීය.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා සඳහා අයදුම් පත් යොමු කළ බොහෝ දෙනාගේ වීසා අයදුම්පත් සලකා බැලීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාවේ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය සැලකිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
එම කරුණුවලට අමතරව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වියදම් කප්පාදුවක් ලෙස ඩොලර් මිලියන 875 ක කපා හැරීමක් නිසා අදාළ අයදුම්පත් සලකා බැලීමට අවශ්‍ය මානව සම්පත් නොමැතිවීම ද මෙම ප්‍රමාද වීමට හේතුවක් බව නීතීඥ සමරසිංහ මහතා හෙළි කළේය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මෙම ප්‍රමාදය මගහරවා ගැනීමට අයදුම්කරුවන්ට ගත හැකි පියවර
ඉහත සඳහන් කළ මුල් කරුණුවලට අනුව ගත් කළ අයදුම්කරුවන්ට ගත හැකි විශේෂ ක්‍රියාමාර්ග නොමැති බව නීතීඥ රුවන් සමරසිංහ මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
නමුත් පසුගිය මැයි 21 පැවැත්වූ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් තේරී පත්වුණු කම්කරු පක්ෂ රජය මෙම ගොඩ ගැසී ඇති වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමට අවශ්‍ය විධි විධාන යොදන බවට ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර ශිෂ්‍යයකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණිමේදී පළමුව අදාළ විශ්ව විද්‍යාලයට හෝ අධ්‍යාපන ආයතනයට තෝරාගත් පාඨ මාලාවක් සඳහා අයදුම් කළ යුතු වේ.
එහිදී අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර සලකා බැලීමේ ක්‍රමේදයක් සහ අදාළ නිර්ණායක ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් අදාළ විශ්ව විද්‍යාලවලට ලබා දෙන බව සමරසිංහ මහතා හෙළිදරව් කළේය.
විශ්ව විද්‍යාල විසින් තෝරාගන්නා අයදුම්කරුවන් ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප නොකරන තැනට වග බලා ගැනීමට අදාළ විශ්ව විද්‍යාල උත්සුක වන බවත් එසේ ප්‍රතික්ෂේප වුවහොත් ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් පහළ වැටෙන නිසා හැකි සෑම විටම සාර්ථක අයදුම්පත් පමණක් සලකා බැලීමට ඔවුන් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
එහිදී SOP හෙවත් Statement of Purpose යන ලියවිල්ල නිවැරදි ආකාරයට ලිවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
තමන් එම පාඨ මාලාව තෝරාගත්තේ ඇයිද යන සාධාරණ හේතු දැක්වීම සහ නැවත පාඨ මාලාව හදාරා තම මව් රටට යන බව එහිදී ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුය.
ඊට අමතරව තමන්ගේ අයදුම්පතට සහයෝගය දැක්විය හැකි සියලුම සාක්ෂි සහ ලේඛන අයදුම්පත සමග යොමු කිරීමටද වග බලාගත යුතු බව නීතීඥ රුවන් සමරසිංහ මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

Source: AAP
ලංකාවේ අයදුම්කරුවන්ගේ ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වනවාද?
මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන ශ්‍රී ලාංකික අයදුම්කරුවන්ගේ ශිෂ්‍ය වීසා අයදුම්පත් බහුතරයක් ප්‍රතික්ෂේප වන බවට රාවයක් පැතිර යමින් පවතී.
මෙය තරමක් දුරට සත්‍ය බව නීතීඥ රුවන් සමරසිංහ මහතා පැවසීය.
"ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබා දීමේදී ලංකාව තිබෙන්නේ 2 වන ඇගයීම් මට්ටමේ, පළමු ඇගයීම් මට්ටමේ ඉන්නේ එක්සත් රාජධානිය, ඇමෙරිකාව, කැනඩාව වගේ රටවල්. මෙය ඉතා යහපත් තත්ත්වයක්. මෙහි වාසිදායක කරුණ වන්නේ අද වන තෙක් ශ්‍රී ලංකාවේ අයදුම්කරුවෙකු ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා අයදුම්පතක් යොමු කිරීමේදී ඊට අදාළ මුල්‍ය පහසුකම් ඇති බවට අසන ප්‍රශ්නය සඳහා "ඔව්" යන පිළිතුර ලබා දුනහොත් එය සෘජුවම විශ්වාස කෙරෙනවා." යනුවෙන් සමරසිංහ මහතා පැහැදිලි කළේය.
නමුත් වාර්ෂිකව මෙම ඇගයීම් මට්ටම් සමාලෝචනය කරන අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව මීළඟ ඇගයීම් සමාලෝචනයේදී ශ්‍රී ලංකාව 2 වන ඇගයීම් මට්ටමෙන් පහළට වැටීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එසේ වුවහොත් අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.