ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් ජාලා ද්විත්වය තම පාරිභෝගිකයින් වෙත ප්ලාස්ටික් බෑග් නිකුත් කිරීම තහනම් කිරීමත් සමග නැවත භාවිතා කිරීමට හැකි බෑග් (reusable bags) ඉතා අඩු මුදලකට නිකුත් කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන තිබේ.
අමතක වී බෑග් රහිතව අදාළ සුපිරි වෙළෙඳ සැල් වෙත පියමනින පාරිභෝගිකයින් හට මෙම අවස්ථාව සලසා දී ඇති නමුත් ඇතැම් පාරිභෝගිකයින් සුපිරි වෙළෙඳ සැල් වෙත පියමනින සෑම වාරයකදීම එම නැවත භාවිතා කිරීමට හැකි බෑග් මිලදී ගැනීමක් සිදු කරන බව වාර්තා වේ.
ප්ලාස්ටික් බෑග් භාවිතය තහනම් වුවද මෙලෙස නැවත භාවිතා කිරීමට හැකි බෑග් නැවත නැවත මිලදී ගැනීම පරිසරයට කෙතරම් බලපෑමක් ඇති කරයිද? නැවත භාවිතා කිරීමට හැකි බෑග් වල උපරිම ආයු කාලය හෙවත් ඒවා කෙතරම් කලක් භාවිතා කිරීමට හැකිද ? යන්න මේ වන විට සමාජයේ මතුව ඇති ගැටළු වෙයි.

Source: AAP
බෑගයක් කී වරක් නැවත භාවිත කළ හැකිද?
2018 වසරේදී ඩෙන්මාර්කයේ සිදු කළ අධ්‍යනයකට අනුව සුපිරි වෙළෙඳ සැල් වලින් නිකුත් කරන ප්ලාස්ටික් බෑග් වලට සාපේක්ෂව අනෙකුත් බෑග් කී වරක් නැවත භාවිත කළ හැකිදැයි වාර්තාවක් නිකුත් කර තිබේ.
එම වාර්තාවට අනුව පහත කරුණු අනාවරණය කර තිබේ.
- Polypropylene බෑග් හෙවත් සුපිරි වෙළෙඳ සැල් වල ඇති කොළ හෝ නිල් පැහැති නැවත භාවිත කළ හැකි බෑග් - 37 වරක්
- කඩදාසි බෑග් - 43 වරක්
- රෙදි බෑග් (cotton bags) - 7,100 වරක්
නමුත් දේශගුණික විපර්යාසය ඉලක්ක කරගනිමින් එක්සත් රාජධානියේදී සිදු කළ සමීක්ෂණයකට අනුව ඔවුන් පහත නිගමන වලට එළඹ තිබේ.
- කඩදාසි බෑග් තුන් වරක් භාවිතා කළ යුතුය.
- අඩු ඝනත්වයයෙන් යුතු ප්ලාස්ටික් බෑග් සිව් වරක් භාවිතා කළ යුතුය.
- නොවියන ලද polypropylene බෑග් 11 වරක් භාවිතා කළ යුතුය.
- රෙදි බෑග් (cotton bags) 131 වරක් භාවිතා කළ යුතුය.
ඉහත සඳහන් අධ්‍යන ද්විත්වයෙන්ම පාරිභෝගිකයින්ට ලබා දෙන පණිවිඩය
- ඔබ කුමන බෑගයක් භාවිතා කළද එය හැකි උපරිම වරක් භාවිත කරන්න.
- සෑම විටම ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍යකින් තැනූ බෑගයක් භාවිත කරන්න.
- යම් දේවල් මුද්‍රණය කළ හෝ විසිතුරු කළ බෑග් භාවිත නොකරන්න.
- කිසි විටෙක බෑගයක් කසළ ලෙස ඉවත නොදමන්න, සෑම විටම එය ප්‍රතිචක්‍රීකරණය කරන්න, නැවත භාවිත කරන්න නැතහොත් වෙනත් කටයුත්තක් සඳහා යොදාගන්න.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------